මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ මෙවර අවසන් රන්දෝලි පෙරහැර ඊයේ රාත්‍රීයේ වීථි සංචාරය කෙරුණා.

එය නැරඹීම සදහා දෙස් මෙන් විදෙස් විශාල පිරිසක් මහනුවරට පැමිණ සිටි බවයි නෙත් නිවුස් නියෝජිතයන් පැවසුවේ.

මේ අතර මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය අද උදෑසන සිදු කෙරුණා. ඒ පිළිබද තවත් තොරතුරු මහනුවර ප්‍රදේශයේ රැදී සිටින නෙත් නිවුස් නියෝජිත කමල් සුරවීරගෙන්'

''මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඊයේ රාත්‍රියේ පැවැති අවසන් මහා රන්දෝලි පෙරහැරෙන් අනතුරුව, අද අලුයම් කාලයේ ගැටඹේ මහවැලි ගඟ වෙත ගොස් දියකපීමේ චාරිත්‍රය මීට ස්වල්ප වේලාවකට පෙර චාරිත්‍රානුකූලව ආගමික කටයුතු අනුව ගැටඹේ තොටේදී සිදු වුණා. ඉන් අනතුරුව දැන් නැවත වරක් මෙම දියකපීමේ පෙරහැර නැවත මහනුවර ගණදෙවි කෝවිල කරා පැමිණෙන අවස්ථාව තමා දැන් සිදුවෙමින් පවතින්නේ. ඉන් අනතුරුව තමයි ගණදෙවි කෝවිලට පැමිණීමෙන් අනතුරුව අද දහවල් 1.18 ට තමයි උතුරු දිශාභිමුඛව ගෙඩිගේ රජමහා විහාරයෙන් දහවල් පෙරහැර පිටත්වීමට නියමිතව තිබෙන්නේ. මෙම පෙරහැර ගෙඩිගේ රජමහා විහාරයේ සිට දළදා මාළිගාවට පැමිණෙනවා. ඩී. එස්. සේනානායක වීදිය ඔස්සේ තමයි මෙම පැමිණීම සිද්ධ වෙන්නේ. ඩී. එස්. සේනානායක වීදිය ඔස්සේ පැමිණ රජවීදිය ඔස්සේ ශ්‍රී දළදා මාළිගාව අසලට පැමිණ තෙවරක් පැදක්ෂිණා කොට ගෙවැදීම සිදුවෙනවා. සවස 4 පසුවී විනාඩි එකට උතුරු දිශාභිමුඛව තමයි පෙරහැර ගෙවැදීම සිදුවීමටත් නැකත යොදලා තියෙන්නේ. ඒ වගේම තමයි ඉන් අනතුරුව දියවඩන නිලමේවරයා ඇතුළු සසු සිව්මහා දේවාල, පිටසතර දේවාල නිලමේවරුන් නැවතත් පෙරහැරකින් මහනුවර ජනාධිපති මන්දිරය වෙත පැමිණිලා, පෙරහැර ඉතාමත් සාර්ථකව සිදුකළ බවට ජනාධිපතිතුමන් වෙත පෙරහැර සංදේශය භාරදීමෙන් අනතුරුව තමයි මෙවර පෙරහැර මංගල්‍යය අවසන් වීමට නියමිතව තිබෙන්නේ. ඒ සඳහා අවශ්‍ය සියලුම කටයුතු සම්පාදනය කරලා තිබෙනවා. මේ වන විටත් දහවල් පෙරහැර බැලීම සඳහාත් යම්කිසි ආකාරයකින් ජනතාව මහනුවර නගරයේ පෙරහැර ගමන් කරන වීදිවලට පැමිණ සිටින ආකාරයක්ද දැකගන්නට ලැබෙනවා.''