එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ආපදා ආධාර රැගත් තවත් ගුවන් යානා 02 ක් අද දින(03) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

මෙම ගුවන් යානා අබුඩාබි නුවර සිට එරට ගුවන් හමුදාවට අයත් විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා දෙකක් වන C- 17 වර්ගයේ ගුවන් යානා වූ අතර මින් පළමුවැන්න 12/03 දින පස්වරු 12.40 ටත් අනෙක් දෙවන ගුවන් යානය පස්වරු 02.40 ටත් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

එම ගුවන් යානා වල ආපදා සහන මෙහෙයුම් සදහා යොදා ගන්නා වාහන සහ විපතට පත් වී සිටින ශ්‍රී ලාංකික ජනතාව සදහා ලබා දීමට විශාල ආහාර තොගයක් ද රැගෙන විත් තිබෙනවා.

මෙම ආපාදා ආධාර තොගය භාර ගැනීම සදහා ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති කාර්යාලයේ නිලධාරීන් , ආරක්ෂක අමාත්‍යාංශයේ , ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.