ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් පුරවැසියන් සඳහා අරමුදල් රැස් කිරීමේ ක්‍රියාවලිය යටතේ මේ වනවිට රුපියල් බිලියන 3යි දශම 4කට අධික මුදල් ප්‍රමාණයක් ලැබී ඇති බව මුදල් අමාත්‍යාංශ පවසනවා.

එම අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පැවසුවේ සමස්ත ලැබීම් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 11ක් ඉක්මවා ගොස් ඇති බවයි.

එම ආධාර මුදල් පරිත්‍යාග කර ඇත්තේ ලෝකය පුරා රටවල් 40ක සිටින පුරවැසියන්, ශ්‍රී ලාංකිකයින් සහ ශ්‍රී ලාංකික සහ විදෙස් ආයතන වන බවත් මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පැවසුවා.

ඉන් වැඩිම මුදල් ප්‍රමාණයක් ලැබී ඇත්තේ අමෙරිකාවෙන්.