Published
හම්බෙගමුව, මී අඹුගල ප්රදේශයේ වගාකර තිබූ ගංජා වගාවන් 06ක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් වටලා තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බලකායේ උඩවලව කඳවුරේ නිලධාරීන් පිරිසක්, හම්බේගමුව පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් සමඟ ඒකාබද්ධව සිදු කළ මෙම වැටලීමේදී අක්කර 04 ක වගාකර තිබූ ගංජා වගාවන් 06ක් එලෙස වැටලූ බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.
මෙම වැටලීමේදී අඩි 06කට ආසන්න ගංජා ගස් 60,000ක් පමණ අත්අඩංගුවට ගැනීමටයි පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් කටයුතු කර ඇත්තේ.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන කටයුතු හම්බෙගමුව පොලිස් ස්ථානය මගින් ක්රියාත්මකයි.




