බලය පිහිටුවීම සම්බන්ධයෙන් ගැටලුවක් මතුව නොමැති පළාත් පාලන ආයතන රැසක ආයතන ප්‍රධානීන් වැඩ භාර ගැනීම සහ එම පළාත් පාලන ආයතනවල කටයුතු ආරම්භ කිරීම අද සිදු කෙරුණා.
ඒ අනුව ජාතික ජන බලවේගයට බහුතර සභික සංඛ්‍යාවක් හිමි පළාත් පාලන ආයතනවල කටයුතු අද දිනයේ ආරම්භ කෙරුණු බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.
ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාවේ නගරාධිපතිවරයා වශයෙන් අරෝෂ අතපත්තු මහතා අස පෙරවරුවේ වැඩ භාරගනු ලැබුවා.
ඒ, මහා සංඝරත්නයේ පිරිත් සජ්ජායනා මධ්‍යයේයි. වැඩ භාර ගැනීමෙන් අනතුරුව නගරාධිපතිවරයා මාධ්‍ය වෙත අදහස් දැක්වූයේ මෙලෙසයි.
ජාතික ජන බලවේගයට බලය හිමි වූ කඩුවෙල මහනගර සභාවේ නගරාධිපතිවරයා ලෙස රංජන් ජයලාල් මහතා අද පෙරවරුවේ වැඩ භාර ගත්තා. එහිදී ඔහු මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා.
දෙහිවල – ගස්කිස්ස මහනගර සභාවේ නගරාධිපතිවරයා ලෙස අද වැඩ භාරගනු ලැබුවේ පැරකුම් ශාන්ත මහතායි.