දඬුවම් දීම පිළිබඳ පනත පාසල් හෝ ගුරුවරුන් ඉලක්ක කරගෙන සංශෝධනය වූ නීතියක් නොවන බවත් සමස්ත සමාජයේම දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සිදුකළ සංශෝධනයක් බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා. ජාතික පාසල් විදුහල්පතිවරුන් දැනුම්වත් කිරීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති වැඩසටහනකදී අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළා. අග්‍රාමාත්‍යවරිය පැවසුවේ මෙය පාසල් පිළිබඳ ප්‍රශ්නයක් පමණක් නොව දරුවන්ට ලබාදෙන ශාරීරික සහ මානසික දඬුවම් පිළිබඳ ප්‍රශ්නයක් වන බවයි. මීට වඩා දියුණු තැනකට සමාජය ගෙනයාම අත්‍යවශ්‍ය කරුණක් වන බවද එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවා.