කුමන බාධක පැමිණියද දරුවන්ගේ අනාගතය වෙනුවෙන් යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා. නිලධාරින් ලබා දෙන සහය මත එම කටයුතු මැනවින් සිදු කිරීමට හැකි බවයි අග්‍රාමාත්‍යවරිය පැවසුවේ.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිරත පිරිසගේ වැටුප් ඉහළ දැමීමට අදාළ පරිසරයක්ද සකස් කරන බව අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය වැඩිදුරටත් පැවසුවා. කොළඹ පැවති ගුරු ප්‍රතිභා ප්‍රභා උපහාර උළෙලට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළා.