අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ චීන ජනාධිපති ෂි ජින් පිං මහතා අතර හමුවක් අද පෙරවරුවේ සිදුව තිබෙනවා. ඒ, බීජිංහි මහජන මහා ශාලාවේදීයි. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය චීනයේ සංචාරයක නිරත වන්නේ බීජිංහිදී පැවැත්වෙන “2025 කාන්තාවන් පිළිබඳ ගෝලීය නායකයින්ගේ සමුළුවට”‍ සහභාගී වීම සඳහායි.

මෙම සංචාරය අතරතුර අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය චීන අග්‍රාමාත්‍යවරයා සහ චීන මහජන දේශපාලන උපදේශන සමුළුවේ ජාතික කමිටුවේ සභාපතිවරයාද හමුවී සාකච්ඡා පවත්වා තිබෙනවා.