යුද්ධය පැවති සමයේ විදේශගතව සිට යළි මෙරටට පැමිණීමට නියමිත අයෙකුගේ ඉඩමකට බලපත්රයක් සකස් කර දීම සඳහා රුපියල් ලක්ෂ 05 ක අල්ලසක් ලබා ගත්තේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් කුච්චවේලි ප්රාදේශීය සභාවේ සභාපති අයියනප් පිල්ලෙ මුබාරක් නමැත්තාගේ ඇප ඉල්ලීම ප්රතික්ෂේප කිරීමට කොළඹ මහේස්ත්රාත් අධිකරණය නියම කළා.
ඒ අනුව අදාළ සැකකරු ලබන 28 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොලඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරලම මහතා නියෝග කර සිටියා .
එහෙත් සැකකාර සභාපතිවරයාගේ රියදුරු වූ මොහොමුදු මුස්තාපා නමැත්තා රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට ද මහේස්ත්රාත්වරයා විසින් නියෝග කර සිටියා.
එම සැකකරුගේ විදෙස් ගමන් තහනම් කිරීමට ද මහේස්ත්රාත්වරයා විසින් නියම කළා.
යුද්ධය පැවති සමයේ විදේශ ගතව සිට යළි මෙරටට පැමිණීම සඳහා සූදානම්ව සිටි මුලතිව් මුල්ලියාවලී ප්රදේශයේ පදිංචිකාරියකට ඉඩම් බලපත්රයක් සකස් කර දීමට එම තැනැත්තිය ගෙන් රුපියල් ලක්ෂ පහක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා එය ලබාගත් අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා.
රිමාන්ඩ් භාරයට පත් කෙරුණු අදාළ ප්රාදේශීය සභාවේ සභාපතිවරයා ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසයේ සාමාජිකයකු බවත් සඳහන් වුණා.




