Published
අත්තනගලු ඔය ද්‍රෝණියේ ධාරා ප්‍රදේශ වල බොහෝ ස්ථාන වලට මේ වන විට අධික වර්ෂාපතනයක් ලැබෙමින් පවතිනවා.
මේ හේතුවෙන් මහ ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කා සිටියේ.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ අත්තනගලු ඔය ද්‍රෝණිය තුළ ගංඟා ජල මාපකවල ජල මට්ටම් විශ්ලේෂණය අනුව ඉදිරි පැය 48ක කාලය තුළ දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජා ඇල, කටාන සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලට අයත් අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම් ප්‍රදේශ වලට මහ ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවයි.
මේ හේතුවෙන් ජීවිත හා දේපළ ආරක්ෂා කර ගැනීම පිණිස දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන ලෙස එම ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් සහ එම ප්‍රදේශ හරහා ගමන් ගන්නා වාහන රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.





