2025 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ අවසන් දිනය අදයි.

අදත් පෙරවරු 09ට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පොත් ප්‍රදර්ශනය ආරම්භ වනවා.

අද දිනයේද පෙර දිනවලට සාපේක්‍ෂව විශාල පාඨකයින් පිරිසක් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට පැමිණෙනු ඇති බවයි ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය පැවසුවේ.

මේ අතර, අවශ්‍යතා සහිත පාසල්වල දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට ශක්තියක් වීම සඳහා ප්‍රදර්ශන භූමියේ ස්ථාපිත නෙත් එෆ් එම් රේඩියෝවේ විශේෂ කුටියේ පොත් කැටයට අද දිනයේත් ඔබට පොත් පරිත්‍යාග කිරීමට අවස්ථාව පවතිනවා.

පෙර දිනවල මෙන්ම ඊයේ දිනයේද එලෙස පොත් කැටයට පොත් පරිත්‍යාග කළ පාඨකයින් අතරින් කිහිප දෙනෙකු නෙත් නිවුස් වෙත මෙලෙස අදහස් පළ කළා.

පාඨකයින් විසින් පොත් කැටයට පරිත්‍යාග කළ පොත් දුෂ්කර පළාත්වල පාසල්වලට කඩිනමින් ලබාදීමට කටයුතු කරන බවයි නෙත් එෆ් එම් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නුවන් ලියනගේ මහතා පැවසුවේ.

මේ අතර “සතුට” කෘතිය රචනා කළ ප්‍රියනාත් ජයසූරිය මහතාගේ නවතම කෘතිය විශේෂ වට්ටමක් සහිතව අද දිනයේද මිලදී ගැනීමට, ප්‍රදර්ශන භූමියේ පිහිටි නෙත් කුටිය වෙත පැමිණෙන ඔබට හැකියාව පවතිනවා.

26 වන වරටත් පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සඳහා මෙවරද නිල රේඩියෝ මාධ්‍ය අනුග්‍රහය ලබාදෙනු ලබන්නේ නෙත් එෆ් එම් රේඩියෝවයි.