දිවමන් බුදුරුව දැක සිත් පහදා වදින්නා සේ පින් වඩන්නට, “ශාක්‍ය මුණිවර ධාතු වන්දනා” සර්වඥධාතූන් වහන්සේ ප්‍රමුඛ මහරහතුන් වහන්සේගේ උත්තම ධාතූන් වහන්සේ වන්දනාව අද උදෑසන 07.00 සිට ආරම්භ වනවා.

ඒ, ගාල්ල මීපාවල ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේදීයි.

ඊට සමගාමීව සවස 06-30ට රාත්‍රී 09.00 දක්වා පූජනීය වතුරුකුඹුරේ ධම්මරතන හිමියන් පවත්වන සුවිශේෂී දම්දෙසුමක් ශ්‍රවණය කිරීමට ද සැදැහැවතුන්ට අවස්ථාව හිමිවනවා.

ඒ පිළිබඳ තොරතුරු දැනගැනීම සඳහා අපි දැන් සම්බන්ධ කර ගන්නවා නෙත් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකොන්.

ශ්‍රී සුදර්ශනාරාමාධිකාරී පුජ්‍ය මොරවක කල්‍යාණසිරි ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වය යටතේ සංවිධාන කරන මෙම පුණ්‍යකර්මයට සංවිධාන සවිය ජයලත් ආර්ට් නිර්මාණ ආයතනය හා සසුන්කත අස්වද්දමු මිතුරු කැල විසින්. මාධ්‍ය සත්කාරය නෙත් එෆ් එම් රේඩියෝවයි.