අම්බලන්ගොඩ නගර සභාව අසල අද උදෑසන සිදුවූ වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ව්‍යාපාරිකයා ජීවිතක්ෂයට පත්ව ඇතැයි විවිධ වාර්තා වනවා. කෙසේවෙතත් පොලීසිය විසින් ඔහුගේ මරණය මෙතෙක් තහවුරු කර නැහැ.
මෙම වෙඩි තැබීම සිදු වුණේ අද උදෑසන 10.30ට පමණයි. පොලීසිය සඳහන් කළේ, මෝටර් රථයකින් පැමිණි නාඳුනන පිරිසක් විසින් මෙම ව්‍යාපාරිකයා ඉලක්ක කර ගනිමින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි. වෙඩි වැදීමෙන් තුවාල ලැබු පුද්ගලයා ප්‍රතිකාර සඳහා බලපිටිය මුලික රෝහලට ඇතුළත් කර සිටියා. වාර්තා පළ වන ආකාරයට ඔහු ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවයි.
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කරන්දෙණිය සුද්දා නැමති පුද්ගලයාගේ වැඩිමහල් සොහොයුරියගේ ස්වාමිපුරුෂයාට මෙලෙස වෙඩි තබා ඇති බවටද ඇතැම් මාධ්‍ය වාර්තාවල සඳහන්. සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.