දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පීඩාවට පත්වූ ජනතාවට සහන සලසන දිරිය නෙත් සමාජ සත්කාරක වැඩසටහනේ තවත් අදියරක් අද ක්‍රියාත්මක වනවා.

දිරිය නෙත් මෙලෙස පීඩාවට පත්වූවන්ට සහන සලසන්නේ අඛණ්ඩව 27වන දිනටයි.

අද දිරිය නෙත් කණ්ඩායම ගොස් සිටින්නේ හාලිඇල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ මේමලේ විද්‍යාලයටයි.

එහි නවතම තොරතුරු දැනගැනීම සඳහා අප දැන් සම්බන්ධ කරගන්නවා නෙත් විශේෂ නියෝජිත උපුල් සිංහපතිරණ.

මේ අතර, දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පීඩාවට පත්වූ දරුවන්ට සහන සලසන දිරිය නෙත් නැණ සවිය අද ක්‍රියාත්මක වන්නේ යටියන්තොට ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින්.

එහි නවතම තොරතුරු දැනගැනීම සඳහා අප සම්බන්ධ කරගත්තා දිරිය නෙත් උප සභාපති අශෝක සුමනසේකර.