හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට අද දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිය යුතු නොමැති බව එම දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.

හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය අංශය පැවසුවේ ඒ මහතාට අද දිනයේ පෙනී නොසිටින ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්ම දැනුම් දුන් බවයි.

හිටපු ජනාධිපතිවරයා එංගලන්තයේ සිදුකළ සංචාරයට අදාළව සිදුකරන විමර්ශනය සඳහා ප්‍රකාශයක් ලබාගැනීමට අද පෙරවරු 09ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස සමන් ඒකනායක මහතාට දැනුම් දී තිබුණා.

මෙම සිද්ධියට අදාළව මීට පෙර ද සමන් ඒකනායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ප්‍රකාශ සටහන් කර ගත්තා.