අධිකරණ නියෝග මත ළමුන් ප්‍රවාහනය සදහා ළමා මිතුරු ප්‍රවාහන සේවයක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පවසනවා.

එම වැඩපිළිවෙල යටතේ ළමුන් ප්‍රවාහනයට අදාළ වාහන පළාත් පරිවාස හා ළමාරක්‍ෂක දෙපාර්තමේන්තුව වෙත භාරදීමේ නිල උත්සවයට එක්වෙමින් ඇය මෙම අදහස් පළ කළා.

කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූයේ මෙලෙසයි.