Published
පවතින වැසි සහ ආපදා තත්ත්වය හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 12.5 බද්දේගොඩ ප්රදේශයේ ගැලණිගම සහ කහතුඩුව අතර පැති බැම්ම ඉරිතලා නාය යාමේ අවදානමක් පවතින බැවින් මාර්ගයේ මං තීරුවක් තාවකාලිකව වසා දමා තිබෙනවා.
මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කර සිටියේ කොළඹ දෙසට දිවෙන මං තීරුවේ පැති බැම්මෙ මෙම ඉරි තැලීම සිදුව ඇති බවයි.
ඒ හේතුවෙන් එම ප්රදේශයේ වම් මං තීරුවේ මීටර් 300 ක ප්රමාණයක් මෙලෙස ආරක්ෂිත විධිවිධාන ක්රම උපයෝගී කර ගනිමින් තාවකාලිකවවසා දැමීමට මාර්ග සංවර්ධන අධිකාරිය මගින් පියවර ගෙන ඇත
මේ වන විට පැති බැම්මේ ඉරි තැලීම සිදුවූ කොටස ඉටිකොල වලින් ආවරණය කර ඇති අතර මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවරුන් සහ තාක්ෂණ නිලධාරීන් ඒ අවට සහ අධිවේගී මාර්ගයේ සියලුම පැති බැමි අධීක්ෂණය කරන බව උසස් නිලධාරියෙක් සඳහන් කර සිටියා.





