අනුරාධපුර මෛත්‍රිපාල සේනානායක මාවත ඩඩ්ලි සේනානායක ළමා උද්‍යානය අසල පිහිටි වෙළෙද සැල් 4 ක් කඩා ඉවත් කිරීමට අනුරාධපුර මහ නගර සභාව ගෙන ඇති තීරණයක් අභියෝගයට ලක් කරමින් අනුරාධපුර මහාධිකරණය හමුවේ ගොනු කල රීට් පෙත්සමක් සළකා බැලූ අනුරාධපුර මහාධිකරණ විනිසුරු අනුෂ්ක සෙනෙවිරත්න මහතා ප්‍රශ්න ගත වෙළෙද සැල් හතර කඩා ඉවත් කිරීම මේ මස 28 දින දක්වා අත් හිටුවමින් අනුරාධුපුර නාගරික කොමසාරිස්වරයාට අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
තවද මේ මස 28 දින අනුරාධපුර මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට මෙම රීට් පෙත්සමේ පළමු වගඋත්තරකාර අනුරාධපර නගරාධිපතිවරයාට සහ නාගරික කොමාසරිස්වරයාට තවදුරටත් නියෝග කල මහාධිකරණ විනිසුරු අනුෂ්ක සෙනෙවිරත්න මහතා පෙත්සමට අදාළ විරෝධතා ගොනු කරන ලෙසටද නියෝග කෙරිණ
අනුරාධපුර නව නගරය අංක 31 අභය පෙදෙස පදිංචි බී ඒ සිරියලතා අනුරාධපුර ඉසුරුපුර අංක 21/50/ සී විජය මාවත පදිංචි කේ එම් හේමලතා අනුරාධපුර කොහොඹගස් හංදිය පදිංචි ජයමිණි මල්වත්ත සහ අනුරාධපුර වලව්වත්ත පදිංචි උපාලි අබේවර්ධන යන මහත්ම මහත්මීන් නීතිඥ කාලිංග රවින්ද්‍ර මහතා මගින් අනුරාධපුර මහාධිකරණය හමුවේ ගොනු කර තිබෙනවා
මෙම රීට් පෙත්සමේ වගඋූත්තරකරුවන් ලෙස නම් කර ඇතතේ අනුරාධපුර මහ නගර සභාවේ නගරාධිපති එන් කරුණාරත්න සහ අනුරාධපුර මහ නගර සභාවේ නාගරික කොමසාරිස් රෝයි නිශාන්ත යන මහත්වරුන් සහ අනුරාධපුර මහ නගර සභාවයි.
පෙත්සම්කරුවන් වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් නීතිඥ කාලිංග රවින්ද්‍ර මහත පැවසුවේ ප්‍රශ්න ගත වෙළෙද සැල් තුල පෙත්සම්කරුවන් වසර 18 ක් නිත්‍යානුකූලව රැදී සිටි බවයි
ප්‍රශ්න ගත වෙළෙද සැල් පිහිටි ස්ථානයේ පෙත්සම්කරුවන් විසින් පොදු මහජන වැසිකිලි පද්ධතියක් අනුරාධපුර මහ නගර සභාවට ඉදිකර දී ඇති බවද පවසා සිටි නීතිඥවරයා ගෙවී ගිය වසර 18 ක කාලය තුල එම වැසිකිලි පද්ධතියෙන් පමණක් පෙත්සම්කරුවන් රුපියල් ලක්ෂ 68 කට අධික මුදලක් අනුරධපුර මහ නගර සභාවට උපයා දී ඇති බවයි.
ඊට අමතරව ගෙවුනු වසර 18 ක කාලය තුල පෙත්සම්කරුවන් කෝටි 10 ට අධික ආදායමක් අනුරාධපුර මහ නගර සභාවට උපයා දී ඇති බවද අවධාරණය කල නීතිඥවරයා එවැනි පසුබිමක් තුල කිසිදු සාධාරණ සහ යුක්ති සහගත හේතුවක් නොමැතිව පෙත්සම්කරුවන් 18 වසරක් අඛන්ඩව පවත්වා ගෙන ගිය වෙළෙද සැල් අනීතික ඒවා බව පවසා කඩා ඉවත් කිරීම නීති විරෝධි බවද කියා සිටියා.
ප්‍රශ්න ගත වෙළෙද සැල් කඩා ඉවත් කිරීමට වගඋතතරුකරුවන් තීරණය කර ඇත්තේ හුදෙක් දේශපාලන බලපෑම් මත බවට චෝදනා කල නීතිඥ කාලිංග රවින්ද්‍ර මහතා මෙම පෙත්සම විභාගයට ගන්නා ලෙසත් වගඋත්තරකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කරන ලෙසත් ඉල්ලා සිටියේය
මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබා දෙන තෙක් පෙත්සම්කරුවන් නිත්‍යානුකූලව දහ අට වසරක් අඛන්ඩව රැදී සිටින වෙළෙද සැල් හතර කඩා ඉවත් කිරීමට දෙවන වගඋත්තරකාර අනුරාධපුර නාගරික කොමසාරිස්වරයා ගෙන ඇති තීරණය අත් හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසද අයැද සිටියේය



