ශ්‍රී ලංකාවේ අපනයන අංශය 2024 වර්ෂයට සාපේක්ෂව සියයට 07කින් වැඩිවීම සැලකිය යුතු අපනයන වර්ධනයක් ලෙස සැසඳීමට නොහැකි බව ආර්ථික විශ්ලේෂකයින් පවසනවා.

මෙම වසරේ ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා කාල පරිච්ඡේදය තුළ අමෙරිකානු ඩොලර් මිලියන 12,986යි දශම 5යි 2ක සමස්ත ආදායමක් වාර්තා කර ඇති බවයි ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පැවසුවේ.

කෙසේවෙතත් මෙරට ආර්ථිකය වර්ධනයට සාපේක්ෂව අපනයන වර්ධනය සිදුවී ඇත්තේ සියයට 2යි දශම 5කින් පමණ බවයි කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනය අංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පැවසුවේ.

මෙරට අපනයනය සියයට 7කින් ඉහළ යාමට බලපෑ හේතු සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ කෙරුණා.

එසේනම් අපනයන වර්ධනය කර ගැනීමට ශ්‍රී ලංකාව කළ යුත්තේ කුමක්ද? කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනය අංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා ඒ සම්බන්ධයෙන් ද අදහස් පළ කළා.