Published
අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාසය අද විවෘත කෙරුණා.
ඒ, පොලිස් මූලස්ථානයේ පිහිටි පැරණි ගොඩනැගිල්ලේදීයි.
මෙම නව විමර්ෂණ කොට්ඨාසය ස්ථාපිත කෙරුණේ 2025 අංක 05 දරන අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ විදි විධාන ප්‍රකාරව විමර්ශන කටයුතු සඳහායි.
ඒ අනුව මෙම පනත හරහා නීතිය කඩනමින් ක්‍රියාත්මක කළ හැකි බවයි එහිදි අදහස් දැක්වූ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසුවේ.
අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාසයේ ධාරිතාව මාස තුනක කාලය තුළ ඉහළ දැමීමට කටයුතු කරන බව එහිදී අදහස් දැක්වූ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසුවේ.
ලැබී ඇති බලය අවභාවිත නොකරන්නැයිද පොලිස්පතිවරයා එම කොට්ඨාසයේ නිලධාරින්ගෙන් ඉල්ලීමක්ද කළා.
මේ අතර අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ ජනරාල් ධුරයට ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහතා පත් කර තිබෙනවා.




