අපරාධ පාලනය කිරීම සඳහා අපරාධකරුවන්ගේ ක්‍රියා සමාජයට මුදා නොහැරිය යුතු බව විද්වතුන් පවසනවා.

අපරාධකරුවන්ගේ ක්‍රියා ප්‍රසිද්ධ කිරීම හරහා තවත් පිරිසක් අපරාධවලට පෙළඹීමට කටයුතු කළ හැකි බවයි කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය මොහොමඩ් මහීෂ් මහතා පැවසුවේ.

අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔවුන් සම්බන්ධයෙන් විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වනවාදැයි සැක මතුවන බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.