Published
දිවයින පුරා ක්‍රියාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම්වලට අදාළව ඊයේ දිනයේදී පුද්ගලයින් 27,631 දෙනෙකු පරික්ෂා කළ බව පොලීසිය පවසනවා.
ඒ අනුව එම පරික්ෂාකිරීම්වලින් සැකපිට පුද්ගලයින් 658ක් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.
පුද්ගලයින් 23 දෙනෙකු අපරාධ සම්බන්ධයෙන් ඍජුව හඳුනාගෙන තිබෙනවා.
ඊයේ දිනයේදී වරෙන්තුකරුවන් 305 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් විවෘත වරෙන්තුකරුවන් ගණන 188ක්.
එමෙන්ම බීමත් රියදුරන් 44 දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රථවාහන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 4,451 දෙනෙකුද අත්අඩංගුවට ගත් බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.




