Published
දිවයින පුරා ක්‍රියාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම්වලට අදාළව ඊයේ දිනයේදී පුද්ගලයින් 32,401 දෙනෙකු පරික්ෂා කළ බව පොලීසිය පවසනවා.
එහිදී සැකපිට පුද්ගලයින් 755 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.
එමෙන්ම වරෙන්තුකරුවන් 311 දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අපරාධ සම්බන්ධයෙන් ඍජුව හඳුනාගත් පුද්ගලයින් 32ක්ද අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරට අයත්.
මේ අතර, අපරික්ෂාකාරී රිය පැදවීම්වලට අදාළව පුද්ගලයින් 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වෙනත් රථවාහන වැරදි සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් 4,570 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.




