Published
                
                 
                
            ලබා දුන් පොරොන්දු කිසිවක් ඉටු කර නොමැති වත්මන් ආණ්ඩුව ගොවියා අසරණ කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ඔහු කියා සිටියේ ගුණාත්මක භාවයෙන් යුත් බීජ මෙන්ම පොහොරද ගොවීන්ට නොලැබෙන බවයි.
කෘෂිකර්මාන්තය කෙරෙහි ආණ්ඩුවේ අවධානය ඉතා අඩු බවටයි විපක්ෂ නායකවරයා චෝදනා කළේ.
කෙසේවෙතත් කෘෂිකර්ම අමාත්‍ය කේ ඩී ලාල්කාන්ත මහතා පැවසුවේ ගොවි ජනතාවට කිසිදු අසාධාරණයක් නොවන පරිදි නිසි මිලක් ලබා දීමට රජය කටයුතු කර ඇති බවයි.
පාරිභෝගිකයාට පමණක් නොව වී ගොවියාට, මෝල් හිමියන්ට හා ව්‍යාපාරිකයින්ට සාධාරණ පංගුවක් වෙන් වන පරිදි රජය කටයුතු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.




