Published
අම්බලන්තොට, පහළ බැරගම ප්රදේශයේ පිහිටි ඉඩමක තිබී ජීව අත්බෝම්බ 03ක් සොයාගෙන තිබෙනවා.
ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ අම්බලන්තොට කඳවුරේ නිලධාරීන් විසින් ලද තොරතුරක් මත සිදුකළ සෝදිසි කිරීමකදීයි.
එහිදී අදාල ඉඩම තුළ වලදමා තිබූ ජීව අත්බෝම්බ 03ක් සොයාගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.
එම ජීව අත්බෝම්බ වැඩිදුර විමර්ශන සඳහා අම්බලන්තොට පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා.




