අමෙරිකා එක්සත් ජනපදය විසින් පනවනු ලැබ ඇති නව තීරුබදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ නියෝජිත කණ්ඩායම අතර විශේෂ සාකච්ඡාවක් අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත් වුණා.
මෙම සාකච්ඡාවට, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ. ඒ. විමලේන්තිරාජා සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව යන මහත්වරුන් එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
අමෙරිකාව විසින් පැනවූ නව තීරු බදු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය දැක්වීම සඳහා රජයේ ප්රවෘත්ති දේපාර්තමේන්තුවේදී මේ වන විට මාධ්‍ය හමුවක් පැවැත්වෙනවා.
මේ, එම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූර්යප්පෙරුම මහතා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූර්යප්පෙරුම මහතා.