අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් අවසන් එකගතාවක් ගෙන නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද ප්‍රකාශ කළා. එමෙන්ම ඒ සදහා ගිවිසුමකට එළඹ නොමැති බවද ජනාධිපතිවරයා පැවසුවා. ඒ, රටේ ආර්ථික තත්ත්වය පිළිබද පාර්ලිමේන්තු විවාදය අතරතුර පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සභාව අමතමින්.

වසරකට ආසන්න කාලයක් ඩොලරය ස්ථාවර අගයක තබා ගැනීමට වත්මන් රජයට හැකි වූ බවයි ජනාධිපතිවරයා එහිදී පැවසුවේ. මේ අතර කුමන හෝ පුද්ගලයෙකු රාජ්‍යයට එරෙහිව කුමන්ත්‍රණ සිදු කරන්නේ නම් එය පරාජය කිරීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහිදී වැඩිදුරටත් පැවසුවා. ඉන් අනතුරුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙලෙස අදහස් පළ කළා. මේ, විවාදයට එක්වූ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා. ඉන් අනතුරුව විවාදයට එක්වූ අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා මෙලෙස අදහස් පළ කළා.