අමෙරිකාවේ, කෙන්ටකිහි ලුවිස්විල් ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ ඊයේ සිදුවූ ගුවන් අනතුරෙන් මියගිය ගණන 11 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. ලුවිස්විල් ජාත්‍යන්තර ගුවන් තොටුපොලෙන් ගුවන් ගතවූ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කෙටි වේලාවකට පසු කඩා වැටීමෙන් එම අනතුර සිදුව තිබුණේ අමෙරිකාවේ වේලාවෙන් ඊයේ පස්වරුවේදියී. ගුවන් යානයේ වම්පස එන්ජිමේ ඇති වූ දෝෂයක් අනතුරට හේතුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.
මියගිය පිරිස අතර අදාළ ගුවන් යානයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් තිදෙනා සහ ගුවන් යානය කඩා වැටුණු ප්‍රදේශයේ ගොඩනැගිලිවල රැදී සිටි පිරිසක් වන බවද විදෙස් මාධ්‍ය වාර්තාවල සදහන්. හවායි දක්වා පියසාර කරමින් තිබු මෙම ගුවන් යානයේ ඉන්ධන ලීටර් එක් ලක්‍ෂ 40,000 ක් ගබඩා කර තිබූ බවත් ඒ හේතුවෙන් අනතුරත් සමග විශාල ගිනි ජාලාවක් හටගත් බවත් එම වාර්තාවල වැඩිදුරටත් දැක්වෙනවා.