එක්සත් ජනපදයේ රෝඩ් අයිලන්ඩ්හි පිහිටි බ්‍රවුන් විශ්වවිද්‍යාලය ආසන්නයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ සිද්ධියෙන් තවත් පුද්ගලයින් 08 දෙනෙකු ද තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි.
වෙඩික්කරු වෙඩි තැබීමෙන් පසු පලාගොස් ඇති අතර සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.
ඒ හේතුවෙන් ආරක්ෂාකාරීව නිවෙස් තුළ සිටින ලෙසයි අමෙරිකානු පොලීසිය ජනතාවට දැනුම්දී ඇත්තේ.
විශ්වවිද්‍යාලය මගින් ද වෙඩික්කරුවෙකු පිළිබඳව අනතුරු අඟවමින් නැවත දැනුම්දෙනතුරු සැඟව සිටින ලෙසද ජනතාවගෙන් සහ විශ්වවිද්‍යාල සිසුන්ගෙන් ඉල්ලා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.
කළු පැහැති ඇඳුමකින් සැරසුණු පුද්ගලයෙකු පැමිණ එම වෙඩි තැබීම සිදුකර තිබෙනවා.
සැකකරු වෙඩි තැබීම සඳහා කුමන ගිනි අවියක් භාවිත කළේද යන්න සම්බන්ධවත් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බවට අමෙරිකානු පොලීසිය පවසා තිබෙනවා.
වෙඩි තැබීමෙන් පසු සැකකරු පාගමනින්ම පිටව ගොස් ඇති අතර සැකකරු සොයා විමර්ශන ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.
මේ අතර සිද්ධිය සම්බන්ධව සිය ‘තෘත්’ සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ වෙඩි තැබීම පිළිබඳව තමන්ට වාර්තා වූ අතර මේ වනවිට එම ස්ථානයට ෆෙඩරල් විමර්ශන කාර්යාංශය යොමු කර ඇති බවයි.




