කැළණි ගඟේ ජාල මට්ටම තවදුරටත් ඉහළ යාම සිදු වන බැවින් අඹතලේ ගංවතුර පාලන වේල්ල පිටාර ගැලීමේ අවධානමක් පවතින බව ප්‍රවාහන ,අපදා කළමනාකරණ මද්‍යස්ථානය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් අපදා කළමනාකරණ මද්‍යස්ථානය පවසන්නේ වේල්ල සහ මාලඹේ -කඩුවෙල ප්‍රධාන මාර්ගය අතර පහත බිම් යටවිය හැකි බවයි.

මේ හේතුවෙන් එම ප්‍රදේශවල වෙසෙන නිවැසියන් කඩිනමින් සුදුසු ආරක්‍ෂිත ස්ථාන වෙත ඉවත් වන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා