Published
2026 වසර සඳහා වන අයවැය විවාදය සඳහා මේ වන විට දින නියම කර තිබෙනවා. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වී ඇත්තේ 2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත සැප්තැම්බර් 26වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටයි.
අයවැය දෙවන වර කියවීම හෙවත් අයවැය කතාව නොවැම්බර් මස 07 වනදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
ඉන් අනතුරුව අයවැය දෙවන වර කියවීමේ විවාදය නොවැම්බර් මස 08 වනදා සිට 14 වනදා දක්වා පැවැත්වීමට තීරණය කර ඇති බවයි සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසුවේ.
අයවැය තුන්වන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් මස 15 වනදා සිට දෙසැම්බර් මස 05 වනදා දක්වා පැවැත්වීමට තීරණය කර ඇති බවද සභානායකවරයා ප්‍රකාශ කළා.




