ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊයේ දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 2026 වර්ෂය සඳහා වන අයවැය, දෙවනවර කියවීමේ විවාදය අද පැවැත් වුණා.
විවාදය ආරම්භ කරමින් අයවැය සම්බන්ධයෙන් පළමුව අදහස් දැක්වූයේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතායි.
අඩු ආදායම්ලාභී පවුල් සඳහා අයවැයෙන් වෙන්කර ඇති මුදල සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙලෙස අදහස් පළ කළා.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළේ මෙලෙසයි.
වර්තමාන රජය විසින් ජනතාවට ලබාදුන් පොරොන්දු අමතක කරමින් මෙවර අයවැය ඉදිරිපත් කර ඇති බවයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පැවසුවේ.
මේ, ඊට ප්‍රතිචාර දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊයේ දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 2026 වර්ෂය සඳහා වන අයවැය, දෙවනවර කියවීමේ විවාදය ලබන 14 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.




