ආර්ථික පදනමට එල්ල වී තිබූ අභියෝගයන් යම් ප්‍රමාණයකට ජයග්‍රහණය කර ඇති බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසනවා. අමාත්‍යවරයා සඳහන් කළේ මේ වන විට ආර්ථික ස්ථාවරත්වයක් ඇති කරගෙන ඇති අතර එය ඉදිරියට රැගෙන යාම ආණ්ඩුවේ අරමුණ බවයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ බහාලුම් ප්‍රවාහන හිමිකරුවන්ගේ සංගමයේ 36 වන වාර්ෂික මහා සමුළුවට එක්වෙමින්.

මේ අතර, පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ අයවැය තුළින් ආර්ථික වර්ධනයට අවශ්‍ය කිසිදු වැඩපිළිවෙළක් අන්තර්ගත නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසනවා.

මෙම අයවැය තුළින් ජනතාව රවටා ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.