Published
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් අධිවේගී මාර්ග පද්ධතියේ සියලුම මාර්ගවල ධාවනය වන වාහන සඳහා ගාස්තු අය නොකරන බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් ඉංජිනේරු කේ ඩඩ්ලිව්. කණ්ඩම්බි මහතා පවසනවා
දක්ෂිණ අධිවේගී මාර්ගය, කොළඹ පිටත වටරවුම් මාර්ගය, කටුනායක කොළඹමාර්ගය, මධ්‍යම අධිවේගී මාර්ගය, සහ දක්ෂිණ අධිවේගී මාර්ග දිගුව යන සියලුම මාර්ග වල ගමන් ගන්නා වාහන සඳහා පවතින අයහපත් කාලගුණ තත්වයෝ පහව යනතුරු නොමිලේ ගමන් පහසුව සලසා ඇතැයි අධ්‍යක්ෂක ජනරාල්වරයා වැඩිදුරටත් පවසා සිටියේ
මෙම පහසුකම තීරෝද රථ සහ යතුරුපැදි සඳහා වලංගු නොවන බව වැඩිදුරටත් දන්වා සිටියා





