Published
දිවයිනේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ පවුල් 234,503ක් ආපදාවට පත්වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
ඒ අනුව බලපෑමට ලක්වූ පුද්ගලයින් ගණන 833,985ක් බවයි එම මධ්‍යස්ථානය පවසන්නේ.
මේ වන විට සුරක්‍ෂිත මධ්‍යස්ථාන 919ක් තුළ පුද්ගලයින් 122,822ක් රඳවා සිටිනවා.
මේ අතර අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුව ඇති පුද්ගල මරණ ගණන 180ක් පමණ වන බවයි වාර්තා වන්නේ.




