මිද්දෙණිය ප්‍රදේශයෙන් සොයාගත් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා යොදාගන්නා රසායනික ද්‍රව්‍ය මෙරටට ගෙන්වා ඇත්තේ වත්මන් රජය යටතේ නිදහස් කෙරුණු බහාලුම් 323 අතර තිබූ බහාලුම් දෙකකින් දැයි විපක්ෂය මේ වන විට ආණ්ඩුවෙන් දිගින් දිගටම ප්‍රශ්න කරමින් සිටිනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ ප්‍රකාශක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවෙන් ප්‍රශ්න කළේ මෙලෙසයි.

විපක්ෂයෙන් මතු කරන මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් නෙත් නිවුස් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතාගෙන් කරුණු විමසීමක් කළා.

මේ, ඔහු ඊට දැක්වූ ප්‍රතිචාරයයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූයේ මෙලෙසයි.

ප්‍රබන්ධ නිර්මාණය කිරීම මත යැපිමට විපක්ෂය සෑමවිටම උත්සහ දරන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා මෙහිදී කියා සිටියා.