අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා බව කියන රසායනික ද්‍රව්‍ය තොගයක් මිද්දෙණිය ප්‍රදේශයේ ගෙවත්තක වළ දමා තිබියදී පසුගියදා සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදත් විවිධ අදහස් පළ වුණා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ ප්‍රකාශක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා ඒ සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසක්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා.

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ පොලීසිය විසින් සොයාගත් අයිස් නිෂ්පාදනයට සම්බන්ධ අමුද්‍රව්‍ය ඇතුළත් කන්ටේනර් දෙක වරායෙන් පිටතට පැමිණියේ කෙසේදැයි ආණ්ඩුව පැහැදිලි කළ යුතු බවයි.

විපක්ෂ නායක කාර්යාලයේ පැවති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදයට එක්වෙමින් විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා.