Published
අය වැය කාරක සභා අවස්ථා විවාදය අද 11 වන දිනටත් පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
අද දිනයේ විවාදයට ගැනීමට නියමිතව ඇත්තේ කෘෂිකර්ම, පශු සම්පත් ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යංශයට අයත් වැය ශීර්ෂයි.
මේ අතර, අවසර පත්‍ර සහ දීමනා පත්‍ර මත රජයේ ඉඩම් භුත්කිවිඳින පුද්ගලයින්ට සින්නක්කර ඔප්පු ලබා දීම කඩිනමින් අවසන් කරන බව කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ ඩී ලාල්කාන්ත මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
ඒ, විපක්ෂය විසින් ඉදිරිපත් කළ කල් තැබීමේ යෝජනාව පිළිබඳ විවාදයේදීයි.
එම යෝජනාව ඉදිරිපත් කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා මෙලෙස අදහස් පළ කළා.
එම යෝජනාව ස්ථිර කරමින් අදහස් දැක්වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතායි.
විවාදයේ පිළිතුරු කතාව කළ අමාත්‍ය කේ ඩී ලාල්කාන්ත මහතා මෙලෙස අදහස් දැක්වූවා.




