පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද පෙරවරුවේ ප්‍රකාශයක් ලබා දීම සඳහා කොටුව පොලීසිය වෙත පැමිණි අවස්තාවේදි ඒ මහතා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඉකුත් සැප්තැම්බර් (22)දා පැවති විරෝධතාවක් අතරතුර, කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටට බලහත්කාරයෙන් තම වාහනය නවතා පොලිස් රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබුණා .

එම සිදුවීම සම්බන්ධව සිදුකරන විමර්ශනයකට අදාළව මන්ත්‍රී අර්චුනා මහතා කොටුව පොලීසිය වෙත පැමිණි තිබුනා.