Published
රු.10,000/-ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා, ලබාගත් අම්පාර කොට්ඨාසයේ, කාර්තිවු පොලිස් ස්ථානයේ, පොලිස් කොස්තාපල්වරයෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබෙනවා
ඒ සයින්දමරුදු ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුවයි.
සැකකරු භාරයට ගන්නා ලද පැමිණිලිකරුගේ ආදායම් බලපත්‍රය නඩු නොපවරා පැමිණිලිකරුට ආපසු ලබාදීම සඳහා අල්ලස් වශයෙන් රු.10,000 මුදලක් ඉල්ලා තිබෙනවා.
ක්‍රියාත්මක වූ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් ඊයේ සවස කාර්ති වු පොලිස් ස්ථානයේ චෝදනාගාරයේ දී අදාල සැකකරුව අත්අඩංගුවට ගන්නා ලදී.
අත්අඩංගුවට ගන්නා ලද සැකකරු සමන්තුරේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කර සිටියේ




