Published
ලක්ෂ තුනකට ආසන්න වත්කම් බැරකම් ප්රකාශ සිය කොමිසන් සභාව වෙත ලැබී ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා පවසනවා.
කෙසේවෙතත් එම වත්කම් බැරකම් ප්රකාශ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ඇත්තේ නිලධාරින් පස් දෙනෙකු පමණක් බවයි ඔහු කියා සිටියේ.
ජනාධිපතිවරයාගේ සිට පාර්ලිමේන්තු මන්ත්රීවරුන් දක්වා වන අයගේ වත්කම් බැරකම් ප්රකාශ සඳහා ජනතා ප්රවේශය ලබාදීමට බලපෑ හේතු සම්බන්ධයෙන්ද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල්වරයා කරුණු දැක්වූවා.




