සබරගමු පළාත් සභාවේ හිටපු අමාත්‍ය කුමාර රාහු බද්ධ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, සබරගමු පළාත් සභාවේ අමාත්‍යවරයකු ලෙස කටයුතු කරමින් සිටියදී පළාත් මාර්ග සංවර්ධන අමාත්‍යාංශය මගින් වාර්ෂිකව වෙන් කරන ලද මුදල්වලින් රුපියල් හත් කෝටි දහසය ලක්ෂ හතලිස් පන්දහස් දෙසීය විසි හයක මුදලක් රජයට පාඩුවන අන්දමින් කටයුතු කිරීමේ චෝදනාව මතයි.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවා.
මේ අතර ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීනි හර්ෂණී සඳරුවනි මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ඉකුත් අගෝස්තු මස 22 වෙනි දින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේදී අධිකරණයට හා අධිකරණයේ තීන්දුවලට අපහාස කිරීමේ චෝදනාව යටතේයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශය මගින් සිදු කරන ලද පරීක්ෂණවලට අනුව සැකකාරීය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
46 හැවිරිදි එම සැකකාරිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.




