අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරියෙකු ලෙස පෙනී සිටි පුද්ගලික සමාගමක GPS තාක්ෂණික කළමණාකරුවෙකු අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත ලැබුණු රහසිගත තොරතුරකට අනුවයි
කොමිෂන් සභාවේ නිල හැඳුනුම්පතට සමාන ව්‍යාජ හැඳුනුම්පතක් සකස් කරමින් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරියෙකු ලෙස පෙනී සිට, රජයේ නිලධාරීන් වෙත එම හැඳුනුම්පත ඉදිරිපත් කරමින් පොළොන්නරුව, පුද්ගලික සමාගමක GPS තාක්ෂණික කළමණාකරුවෙකු රජයේ නිලධාරීන්ගේ නිල කාර්යය නිසි ලෙස ඉටු කිරීමේ දී බලපෑම් කර තිබෙනවා
පසුව රහසිගත තොරතුරකට අනුව ඊයේ දින ප.ව.7.21ට පමණ පොළොන්නරුව අරලිය සහල් පුද්ගලික සමාගම ඉදිරිපිට ප්‍රධාන මාර්ගයේ දී අත්අඩංගුවට ගත් බවයි අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කර සිටියේ .
අත්අඩංගුවට ගන්නා ලද සැකකරු පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.




