Published
ඉන්ධන වර්ග කිහිපයක මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා.
ඒ, ඊයේ මධ්‍යම රාත්‍රී 12.00 සිට බලපැවැත්වෙන පරිදියි.
ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 06කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 277ක්.
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල අඩුකර ඇත්තේ ද රුපියල් 06කින්.
එහි නව මිල රුපියල් 335ක් වනවා.
ලංකා භූමිතෙල් මිල ද රුපියල් 05කින් අඩුකර ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 180ක් ලෙසයි.
කෙසේ වෙතත් ඔක්ටේන් 92 පෙට්‍රල් සහ ලංකා සුපර් ඩීසල් මිල නොවෙනස්ව පවතින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරනවා.




