මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ කඩවත සිට මීරිගම දක්වා වූ කොටසේ යළි ඉදිකිරීම් ආරම්භ කිරීමේ සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ සිදු වුණා.
එමෙන්ම කඩවත හුවමාරු මධ්‍යස්ථානය සහ අධිවේගී මාර්ගයේ පළමු මීටර් 500ක කොටසෙහි ඉදිකිරීම් ද මේ යටතේ ආරම්භ කිරීමට නියමිතයි.
මෙම ව්‍යාපෘතිය සඳහා රජය විසින් වෙන්කර ඇති මුදල රුපියල් බිලියන අටයි දශම හයක්.
මාර්ග ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවයට එක්වූ ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා.
ණය ගිවිසුම් සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා.
පසුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සභාව ඇමතුවා.
අනාගත ආර්ථික අපේක්ෂා සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා මෙහිදී අදහස් පළ කළා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උත්සව සභාව අමතමින් පැවසුවේ වත්මන් ආණ්ඩුව මහජන මුදල් සතයක් හෝ නාස්ති නොකරන බවට සහතිකයක් ලබාදෙන බවයි.
ආර්ථික අර්බුදය හේතුවෙන් මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ කඩවත සිට මීරිගම දක්වා වූ මාර්ග කොටස සඳහා වෙන්කර තිබූ ණය පහසුකම් අත්හිටුවීම හේතුවෙන් එහි ඉදිකිරීම් 2022 මැද භාගයේදී අත්හැර දැමුණා.
මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වන පළමු කොටසේ ඉදිකිරීම්වලට අදාල ගිවිසුම්වලට අත්සන් තබා තිබුණේ 2015 වසරේ අගෝස්තු 04 වනදායි.
එහෙත් විවිධ හේතූන් මත ඉකුත් වසර 10ක කාලය තුළ මෙහි ඉදිකිරීම් සිදු වූයේ නැහැ.




