උතුරු, උතුරුමැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි ඉදිරි පැය 36 සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද පස්වරු 04ට නිකුත් කළ කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ.
මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකියි.
දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.
උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත් විටින් විට පැයට කිලෝමීටර් 30ත් 40ත් පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවද අද පස්වරුවේ නිකුත් කෙරුණු කාලගුණ අනාවැකියේ සඳහන්.
මේ අතර නාය යෑම් පිළිබඳ නිකුත් කෙරෙන රතු නිවේදන පිළිබඳ අවධානය යොමු කරමින් එවැනි ස්ථානවලින් ඉවත්වීමට ජනතාව දැඩි අවධානයක් යොමු කළ යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා.
කිසියම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට නාය යෑම් පිළිබඳ රතු නිවේදනයක් නිකුත් කළහොත් ජනතාව ඒ සම්බන්ධයෙන් ක්‍රියාකළ යුත්තේ කෙසේද? ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යේෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා ඒ සම්බන්ධයෙන් මෙලෙස කරුණු දැක්වුවා.


