Published
පකිස්ථානයේ පැවැත්වෙන තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ඊයේ රාත්‍රියේ පැවති තීරණාත්මක තරගයෙන් පාකිස්තාන කණ්ඩායම පරාජය කර ලකුණු 6ක තියුණු ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
මෙම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකාව, තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා.
රාවල්පින්ඩිහිදි පැවැති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව කඩුලු 05කට ලකුණු 184ක් රැස් කළා.
කමිල් මිෂාර ලකුණු 76යි. කුසල් මෙන්ඩිස් ලකුණු 40යි.
ලකුණු 185ක ඉලක්කය හඹා ගිය පාකිස්තානයට කඩුලු 7ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 178ක් පමණයි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිතර වූ දුෂ්මන්ත චමීර ලකුණු 20කට කඩුලු 4ක් දවාගත්තා.
ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර අවසන් මහා තරගය එළැඹෙන 29වනදා පැවැත්වීමට නියමිතයි.




