වැඩිහිටියන්ට පමණක් ප්‍රවේශ විය හැකි වෙබ් අඩවි වෙත අසභ්‍ය වීඩියෝ දර්ශන 334ක් උඩුගත කිරීම සම්බන්ධයෙන් විවාහක යුවළක් මිරිහාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය විසින් රාජගිරිය වැලිකඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වනවා.

ඔහුන් වයස අවුරුදු 37 සහ 36 වන වියෙහි පසුවන අතර මෙම යුවළගෙන් සැමියා මෘදුකාංග ඉංජිනේරුවරයෙකු වන අතර බිරිඳ මනෝ විද්‍යා උපදේශකවරියක ලෙස සඳහන් වනවා.

සැකකරුවන් දෙදෙනා අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මෙම සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන නුගේගොඩ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය මහතාගේ උපදෙස් මත කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දිමා සපුගොඩ මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු වනවා.