සංවිධානාත්මක අපරාධ ජාලයෙන් සහ මත්ද්‍රව්‍ය උවදුරෙන් රට බේරා ගැනීම සඳහා පුළුල් වැඩපිළිවෙලක් මේ වන විට ක්‍රියාත්මක බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
මේ අතර “රටම එකට ජාතික මෙහෙයුම” නමින් හදිසි කඩිනම් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික මෙහෙයුම් කවුන්සිලයක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබෙනවා.
ඒ, මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සහ පුළුල් මහජන සහභාගීත්වයෙන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම අරමුණු කර ගනිමින්.
මෙරට තුළ විෂ මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය ජාතික උපද්‍රවයක් බවට පත් ව ඇති අතර, විෂ මත්ද්‍රව්‍ය ජාවාරම කේන්ද්‍ර කරගෙන බොහෝ අපරාධයන් සිදු වන බව ද නිරීක්ෂණය කරනු ලැබ ඇති බවයි රජය පවසන්නේ.
ජාතික මට්ටමේ දේශපාලන නායකත්වය, කාර්යක්ෂම තීරණ ගැනීමේ යාන්ත්‍රණයක් මෙන් ම පුළුල් මහජන සහභාගිත්වයක් සහිත ජාතික මට්ටමේ වැඩසටහනක් ඔස්සේ එකී උවදුර මුලිනුපුටා දැමීම සිදු කළ යුතු බව රජයේ අදහසයි.
ඒ අනුවයි එම ජාතික අරමුණ ළඟා කර ගැනීම සඳහා “රටම එකට ජාතික මෙහෙයුම” නමින් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත්තේ.




