වත්මන් ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙළ තුළ ධනාත්මක ලක්ෂණ රැසක් දැකිය හැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසනවා.

එමෙන්ම ආණ්ඩුව අවදානය යොමු නොකළ කරුණු ගණනාවක්ද පවතින බවයි ඔහු පැවසුවේ.

වත්මන් ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙළ තුළ දැකිය හැකි ධනාත්මක ලක්ෂණ සම්බන්ධයෙන් මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා කරුණ ුදැක්වූයේ මෙලෙසයි.

ඇතැම් ක්ෂේත්‍රවල ප්‍රතිසංස්කරණ මන්දගාමි ස්වරූපයක් ගෙන තිබීම යහපත් ලක්ෂණයක් නොවන බවද මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා මෙහිදී පෙන්වා දුන්නා.